Tuesday, July 01, 2025
Follow Us
අධිවේගී මාර්ගවල වාහන නතර කළ හැකි නීතිමය තත්ත්වය පොලිසියෙන් පැහැදිළි කරයි

අධිවේගී මාර්ගවලට වාහනයක් ඇතුළු කිරීමෙන් පසු විඩාව හෝ නිදිමත යන කරුණු දක්වමින් මාර්ගය අයිනේ වාහන නතර කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බව පොලිසිය පවසනවා.

ඇතැම් රියදුරන් මෙම තත්ත්වය වටහා නොගෙන කි‍්‍රයා කරන බවයි පොලිසිය පවසන්නේ.

කිසියම් රියදුරෙකුට නිදිමත හෝ තෙහෙට්ටු ගතියක් ඇත්නම් වාහන නතර කළ හැක්කේ විවේක ගැනීමට වෙන් කර ඇති ස්ථානවල පමණක් බව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර පැවසුවා.

(Neth)