Tuesday, July 01, 2025
Follow Us
අදියර 04ක් යටතේ පාසැල් ජුනි 29 යටතේ විවෘත කෙරේ

ජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

එහි පළමු අදියර ලෙස ජූනි මස 29 වෙනදා සිට ජූලි 03 වෙනිදා දක්වා වූ කාල සීමාවේදී විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය පාසැලට පැමිණ පාසැල් විෂබිජ හරණය කිරිම ඇතුළු කටයුතු සුදානම් කිරිම කළ යුතුය.

දෙවන අදියර යටතේ ජුලි මස 06 වෙනිදා සිට ජුලි 17 දක්වා ක්‍රියාත්මක කෙරේ. එහිදී පාසැල් වෙත කැඳවනු ලබන්නේ 13, 11 සහ 05 ශ්‍රේණියේ සිසු සිසුවියන් වේ.

තෙවන අදියර ලෙස ජූලි මස 20 වෙනිදා සිට 24 දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී පාසැල් වෙත රැගෙන එනු ලබන්නේ 12 සහ 10 ශ්‍රේණිවල සිසු සිසුවියන් වනවා.

සිව්වෙනි අදියර ලෙස ජූලි මස 27 වෙනිදා සිට ආරම්භ කෙරෙන අතර එහිදී 3,4,6,7,8 සහ 9 යන ශ්‍රේණිවල සිසු සිසුවියන් පාසැල වෙත රැගෙන ඒමට නියමිත බව අධ්‍යාපන ඇමතිවරයා කියා සිටියා.

එමෙන්ම පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසු දරු දැරියන් පාසල වෙත කැඳවීම සම්බන්ධයෙන් මේ දක්වා දිනයන් තීරණය කොට නොමැති බවයි අධ්‍යාපන ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

(Neth)