Tuesday, July 01, 2025
Follow Us
මැතිවරණ දිනය සහිත ගැසට්ටුව මුද්‍රණයට සූදානම්

මැතිවරණ දිනය සහිත ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මූලික කටයුතු සූදානම්කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ දිනය දැනුම් දුන් පසු ඒ මුද්‍රණය කරන බවත්, ඊට පසුව අපේක්ෂකයින්ගේ මනාප අංක සහිත ගැසට් පත්‍රය නිකුත් කරන බවද ඇය කීවාය.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ගැසට් පත්‍ර දෙකක් පසුගියදා නිකුත් කළ බවත්, තවත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. මාධ්‍ය උපමාන සහ ඡන්ද විමසීම් වලදී තරග කරන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින් අනුගමනය කළයුතු ආචාර ධර්ම පද්ධති සඳහන් කරන ලද ගැසට් පත්‍ර ඉකුත් 05 වැනිදා නිකුත් කෙරුණි.

(Aruna)