Monday, February 09, 2026
Follow Us
මුදල් පිළිබඳ සියලු තොරතුරු නව පාර්ලිමේන්තුවට

කොරෝනා මර්දනයට ලැබුණු සියලූ ආධාර මුදල් පිළිබඳ තොරතුරු, ඉදිරියේදී නව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජය සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ලෝක බැංකුවෙන් ලබා දුන් ඩොලර් මිලියන 230 ක මුදල වැය කළ ආකාරය සම්බන්ධයෙන් රජය තොරතුරු හෙළි කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (07) සිදු කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ නම් ණය සඟවා ඇති බවට අනාවරණය වෙන කාරණාවට ප්‍රථමයෙන් පිළිතුරු දිය යුතුව ඇති බවයි..

(Neth)