කෘෂිකර්මයට භාවිතා නොකරන ඉඩම් අක්කර පහළොස් දහසක් කිරි කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා තණකොළ වගා කිරීමට රජය සූදානම් වෙයි.
කිරි එළදෙනුන් සඳහා වැඩිදියුණු කළ තණකොළ සහ පැය විසිහතර පුරා ජලය නොලැබීම කිරි නිෂ්පාදනය අඩු වීමට ප්‍රබල හේතුවක් වී ඇති බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බළකායේ රැස්වීමක දී අනාවරණය වී තිබේ. ඒ අනුව වැඩිදියුණු කරන ලද තණකොළ වගා කිරීමට යෝජනා වී ඇත. දේශීය කිරි අවශ්‍යතාව වසරකට එළකිරි ලීටර් මිලියන 1200ක් වුවද මේ වන විට නිෂ්පාදනය කෙරෙන්නේ එළකිරි ලීටර් මිලියන 400ක් පමණි. දිවයින පුරා එළ කිරි ගොවීන් ලක්ෂ තුනක් සිටින බව පශු සම්පත් දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි. දැනට කිරි ගන්නා එළදෙනුන් තුන්ලක්ෂ පනස්දහසක් සිටින බවටද එම වාර්තා පෙන්වා දෙයි. මෙම කිරි ගොවීන්ගෙන් විසිපන්දහසක් පමණ මිල්කෝ ආයතනයට කිරි සපයන අතර ඔවුන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමටද සැලැසුම් කර ඇත. දේශීය කිරි කර්මාන්තය නංවාලීම කෙරෙහි ජනාධිපතිවරයාද දැඩි අවධානය යොමු කර තිබේ.
(Aruna)