Monday, February 16, 2026
Follow Us
ඕනෑම රාජ්‍ය සේවකයෙක් අද සිට ගෙන්වා ගත හැකියි

කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක් වෙනුවට අද (08 වැනිදා) සිට අවශ්‍ය සියලුම කාර්ය මණ්ඩලයම කැඳවීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සියලුම ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

යම් ආයතන ප්‍රධානියකුට සියලුම කාර්ය මණ්ඩලය කැඳවීමේ අවශ්‍යතාවක් පවතින්නේ නම් ඒ සඳහා කිසිදු බාධාවක් නැතැයි ද ලේකම්වරයා කීවේය. සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙම සතියේ තීරණයක් ගන්නා බව එම අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි ‘අරුණ’ට ඊයේ (07වැනිදා) පැවසීය. රාජ්‍ය සේවකයන් වැඩි පිරිසක් පසුගිය මාස තුනක පමණ කාලයක් නිවෙස්වලට වී සිටි බවත් තවදුරටත් එසේ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් ලේකම්වරයා සඳහන් කළේය. අද (8 වැනිදා) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය තත්ත්වයට පත් වන හෙයින් රාජ්‍ය සේවකයන්ගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බවත් ලේකම්වරයා පැවැසීය.

(Aruna)