Tuesday, July 01, 2025
Follow Us
කිසිඳු දරුවෙකුට අසාධාරණයක් නොවන පරිදි උසස් පෙළ විභාගය පැවැත්වීමට සැළසුම් කෙරේ

මෙවර උසස් පෙළ විභාගය සඳහා තවමත් දින නියම කර නැතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ ද සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගයට දින නියම කරන බවයි නෙත් නිවුස් ඒ පිළිබඳ කළ වැඩිදුර විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ.

විෂය නිර්දේශයේ ඇතැම් කොටස් නොසලකා හැර ප‍්‍රශ්න පත‍්‍ර සකස් කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් ද නෙත් නිවුස් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් මෙහිදී විමසීමක් කළා

එහිදී ඔහු පෙන්වා දුන්නේ එවැනි තීරණයක් නොමැති බවයි.

(Neth)