Sunday, September 14, 2025
Follow Us
කටුනායක ගුවන් තොටුපල යළි සම්පූර්ණයෙන් විවෘත කරන දිනය දැනුම් දෙයි

දැනට වසා දමා තිබෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගෝස්තු පළමු වැනිදා සිට සම්පූර්ණයෙන් විවෘත කරන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා. ඊට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බවයි එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි නෙත් නිවුස් වෙත කියා සිටියේ.

නව ක්‍රියා පටිපාටීන් යටතේ ගුවන්තොටුපල මෙහෙයුම සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම ද මේ වන විට සිදුවන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ශ‍්‍රී ලංකාවට පැමිණෙන සියලූ දෙනා ගුවන්තොටුපල පරිශ‍්‍රයේදීම PCR පරීක්ෂණයකට ලක් කර ප‍්‍රතිඵල එහිදීම ලබාදීමටද තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගුවන්තොටුපල පරිශ‍්‍රයේ් අංගසම්පූර්ණ පරීක්ෂණාගාරයක් ඉදිකිරීමද කඩිනමින් අවසන් කරන බවයි ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා නෙත් නිවුස් සමඟ මෙම සංවාදයේදී වැඩිදුරටත් පැවසුවේ.

(Neth)