Tuesday, July 01, 2025
Follow Us
කුඩු මඩින්න ජනපති නියෝගයෙන් පොලීසිය විශේෂ මෙහෙයුමක් අරඹයි - පැය විසි හතරක් තුල කුඩු ව්‍යාපාරයට සම්බන්ධ 432ක් ඇතුලට

මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීම සඳහා බස්නාහිර පළාතේ සිදු කෙරෙන විශේෂ මෙහෙයුම යටතේ අද අළුයම 05 අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 432 නෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ස්ථාන 408කදී කළ වැටලීම්වලදීයි.

හෙරොයින් ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් 140 දෙනෙකු මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඔවුන්ගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් කිලෝග‍්‍රෑම් 01ටත් වැඩි ප‍්‍රමාණයක් සමගයි. සෙසු පුද්ගලයින් ළඟ තිබී හෙරොයින් ග‍්‍රෑම් 75 කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

ගංජා ළඟ තබා ගෙන සිටි සැකකරුවන් 63දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් ළඟ තිබූ මුළු ගංජා ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 02ට වැඩියි.

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් 15 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ළඟ තිබී සොයාගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය ග‍්‍රෑම් 56 කට ආසන්නයි.

මෙම මෙහෙයුම සඳහා සෘජු උපදෙස් ලැබී ඇත්තේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි.

(Neth)