කිසිදු ආකාරයකින් පාතාලය යළි හිස එසවීමක් සිදුව නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වාදෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන කණ්ඩායම්වල ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් හේතුවෙන් පසුගිය දිනවල විවිධ ප්‍රදේශවල වෙඩි තැබීම් සිද්ධීන් වාර්තා වූ බවයි.
කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පල කළේය.
(Lanka Leads)