Tuesday, July 01, 2025
Follow Us
මැතිවරණයේදී අපේක්ෂකයින් අනුගමනය කළයුතු ආචාර ධර්ම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරයි

ඡන්ද විමසීම්වලදි තරග කරනු ලබන අපෙක්ෂකයින් අනුගමනය කළ යුතු ආචාර්යධර්ම හා මාධ්‍ය උපමාන ඇතුළත් ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

මැතිවරණ කොම්ෂන් සභාව මගින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව මාධ්‍ය උපමාන 36කින් සමන්විතව ආදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කළ දින සිට ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරිම දක්වා කාලය තුළ ආචාර්යධර්ම පද්ධතිය වලංගු වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

මේ අතර මැතිවරණයට ආදාළ තවත් ගැසට් නිවේදනයක් අද දිනයේ ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව රජයේ මුද්‍රණාලය සදහන් කළේය.

(Lanka LEads)