Monday, March 30, 2026
Follow Us
කිසිඳු ආකාරයක අලුතින් මුදල් මුද්‍රණය කිරිමක් සිදුකර නෑ

ඇතැමුන් පවසන අන්දමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතින් කිසිඳු ආකාරයක මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්නධ ප්‍රකාශ කළේ ය.

ඒ අද පෙරවරුවේ පැවැත්වුණු කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මිලියන දෙකක මුදල් ප්‍රමාණයක් මහ බැංකුව විසින් මුද්‍රණය කර ඇති බවට පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය සිදු කළ වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නව මුදල් මුද්‍රණය කළේ නම් මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම නව මහබැංකු අධිපති W.D ලක්ෂ්මන් ගේ ද අත්සන් එහි තිබිය යුතු බවය.

ඒ අනුව අලුතින් මුදල් මුද්‍රණය කළේ නම්, මොවුන් දෙදෙනාගේ අත්සන් ඇති මුදල් නෝට්ටුවක් ගෙනැවිත් පෙන්වන ලෙසද බන්දුල ගුණවර්ධන සියලුදෙන වෙත අභියෝගයක් ද සිදු කළේ ය.

(Lanka Leads)