පාර්ලිමේන්තුවට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක සහිත ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සකස් කරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පවසයි.
මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන 08 වැනිදා තීරණය කිරීමෙන් පසුව මනාප අංක සහිත ගැසට් පත්‍රය මුද්‍රණය කරන බවද ඇය සඳහන් කළාය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පෙරේදා (02) ආරම්භ කරන ලදී.
(Lanka LEads)