Sunday, February 08, 2026
Follow Us
‌මෙම සෙනසුරාදාට තැපෑල වැසෙයි

දිගින් දිගටම සෙනසුරාදා දිනවල තැපැල් දෙපාර්තමේන්තුව ලබන අධික පාඩුව හේතුවෙන් අනිද්දා (06 වැනිදා) දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස සෑම සෙනසුරාදා දිනකම වසා තබනවාද යන තීරණය මෙම මස 9 වැනිදා ගැනීමට නියමිතව ඇත. සෙනසුරාදා දිනයේ තැපැල් කාර්යාල විවෘත කිරීම නිසා රුපියල් මිලියන 20ක් පමණ අමතර දීමනා ලෙස එහි සේවකයන්ට ගෙවීමට සිදුවුවත්, සෙනසුරාදා දිනයක ආදායම රුපියල් මිලියන පහක් පමණ වන බවද එම ආරංචි මාර්ග පවසයි.

(Aruna)