Sunday, February 08, 2026
Follow Us
ශිෂ්‍යත්ව උසස් පෙළ තීරණ පාසල් පටන් ගත් පසු

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනෙන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව යැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවැසීය. ‍

විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේ මහමැතිවරණය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත හෙයින් එම විභාග කල් දමන්නේ ද යන්න පිළිබඳව ‘අරුණ’ කළ විමසුමකට පිළිතුරු දෙමිනි. ‘‘පවතින තත්ත්වය අපි බලා ඉන්නවා. මුලින්ම පාසල් ආරම්භ කළ යුතුයි. තවම පාසල් ආරම්භ කිරීමේ තීරණයක් නැහැ.

විභාග සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනෙන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසුවයි’’ යැයි ද හෙතෙම කීවේය.

(Aruna)