Sunday, February 08, 2026
Follow Us
අද සහ හෙට දෙදින රට පුරා ඇදිරි නීතිය

ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයෙන් කියා සිටියි.

දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල පසුගිය මැයි 31 ඉරිදා දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක විය. ඒ අනුව ඇදිරි නීතිය ඉදිරි දිනවල ක්‍රියාත්මක වන ආකාරය මෙසේ සඳහන් වෙයි.

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ මෙසේය :

 ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.

 

 ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රීක්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත.

(News.lk)