Tuesday, July 01, 2025
Follow Us
ලබන සතියේ සිට රජයේ සේවකයන්ගේ කොවිඩ් නිවාඩු ඉවරයි

ලබන සතියේ සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවා ස්ථානවලට කැඳවීමට හැකිවනු ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ‘අරුණ’ට ඊයේ (02වැනිදා) පැවසීය.

මේ සම්බන්ධයෙන් අද හෙටම තීරණයක් ප්‍රකාශයට පත්කරන බවද ලේකම්වරයා කීවේය.

ලබන සඳුදා (08 වැනිදා) සිට දිස්ත්‍රික් අතර පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමටද 10 වැනිදා සිට කලින් ආසන වෙන් කරවා ගැනීමකින් තොරව දුම්රියේ ගමන් කිරීමට අවසර දීමටද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇති අතර මෙම තත්ත්වය මත ගමනා ගමනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බවද ලේකම්වරයා පැවසීය.

පවතින තත්ත්වය මත මෙතෙක් සේවා කටයුතු සඳහා ගෙන්වා ගත්තේ රාජ්‍ය සේවකයන්ගෙන් තුනෙන් එක් කොටසක් පමණි.

(Aruna)