Saturday, May 18, 2024
Follow Us
ජනපති, සෝමාවතී සෑ රඳුන් වැඳපුදා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සෝමාවතී පුදබිමට පැමිණ සෝමාවතී සෑරදුන් වැඳපුදා ගත්තා. එහිදී සෝමාවතී රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ‍්‍රී සුමංගල හිමියන් බැහැදැක, ජනාධිපතිවරයා ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

සෝමාවතී පුදබිම බොහෝ අවස්ථාවල ගංවතුර තත්ත්වයන්ට ලක්වන ස්ථානයක්. එවැනි ආපදා තත්ත්වයකදී සහය විය හැකි ආකාරයෙන් ඉදිකෙරුණු හෙලිකොප්ටර් යානා අංගනයක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ද එක්ව තිබෙනවා.

(Neth)