Monday, September 15, 2025
Follow Us
කොටි හිතවාදීන්ගේ සයිබර් ප්‍රහාර දැඩි වේ - තවත් රජයේ ආයතන දෙකක වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවි ඉලක්ක කර අද සයිබර් ප‍්‍රහාරයක් එල්ල වුණා. LTTE සංවිධානයේ හිතවාදීන් පිරිසක් විසින් මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත දැනුම් දී ඇත්තේ.

මේවනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය කි‍්‍රයාවිරහිත කර එය යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව එම අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි නෙත් නිවුස් වෙත පැවසුවා.

සයිබර් ප‍්‍රහාරයට ලක්වූ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවිය ද මේවනවිට කි‍්‍රයාවිරහිත කර තිබෙනවා.

එම වෙබ් අඩවිය ද යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බවයි එහි නියෝජිතයෙකු සඳහන් කළේ.

මෙරට රාජ්‍ය සහ රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයක් ඉලක්ක කර ගනිමින් ඉකුත් 18 වනදා ද මෙම ඛඔඔෑ හිතවාදීන් පිරිස සයිබර් ප‍්‍රහාරයක් එල්ල කර තිබුණා.

වෙබ් අඩවි පවත්වාගෙන යන පාර්ශව මෙවැනි සයිබර් ප‍්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග නොගැනීම මෙවැනි තත්ත්වයන්ට හේතුවන බවයි ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසන්නේ.

(Neth)