Sunday, February 08, 2026
Follow Us
පොසොන් වෙනුවෙන් සුරාසැල් වැසෙයි

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් සුරාසැල් වසා තැබෙනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අනුව පොසොන් උත්සවය සමගාමීව ජුනි මස 05 සහ 06 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තැබෙනු ඇති බව එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ද වසා තැබෙයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වරයා විසින් දැනුම් දී තිබේ.

(Aruna)