Monday, September 15, 2025
Follow Us
ගුරු සමීක්ෂණ සඳහා අයදුම්පත් යොමුකිරීමේ කාලය දීර්ඝ කෙරේ

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා වන සමීක්ෂණය 2020.06.07 දින දක්වා දිර්ඝ කර ඇත.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන https://moe.gov.lk හි “Teacher Survey Form” ගුරු සමීක්ෂණය වශයෙන් සඳහන්ව ඇති දිගුවෙන් හෝ https://nemis.moe.gov.lk මඟින් ප්‍රවේශ විය හැක. එමඟින් ලබා දී ඇති උපදෙස් අනුව 2020.06.07 දිනට පෙර ප්‍රශ්නාවලිය සම්පුර්ණ කළ යුතුය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් දින දීර්ඝ කිරීමක් සිදු නොවේ

(NEws.lk)