Monday, September 15, 2025
Follow Us
අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර මල්ලක්

අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ආහාර වේලක් හිමි සිසුන් ලක්‍ෂ 12කට පසුගිය මාස දෙකක කාලය වෙනුවෙන් වෙන් කළ යුතු මුදලින් වියළි ආහාර මල්ලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මාස දෙකක් පාසල් නොපැවැත්වීම නිසා මෙම සිසුන්ට එම ආහාර වේල නොලැබුණු බැවින් රුපියල් 965 ක වටිනාකමකින් යුත් වියළි ආහාර මල්ලක් මෙලෙස ලබාදීමට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමති රමේෂ් පතිරණ මහතා පැවසීය

ඒ අනුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා බිත්තර 10, සමපෝෂ ග්‍රෑම් 200 පැකට් 6ක්, බිස්කට් ග්‍රෑම් 75 පැකට් 3ක්, සහල් නූඞ්ල්ස් පැකට්ටුවක් සහ කව්පි හෝ කඩල කිලෝවක් සහිත ආහාර මල්ලක් මෙම දරුවන්ට ඉදිරි කාලයේදී ලබාදෙන බව ද රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

(Aruna)