19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි විය යුතු බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ 19වන සංශෝධනය ගෙන ආවේද, ජනාධිපතිවරයාගේ උවමනාවට බවයි.
යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළා. 18 වන සංශෝධනයේ තිබූ ඒකාධිපති ස්වරූපය හේතුවෙන් 19 වන සංශෝධනය ගෙන ආවද, ඉන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිලගෙන් ද විමසීමක් කළා. ඔහු පෙන්වා දුන්නේ 18වන සංශෝධනය ද ප්රජාතන්ත්රවාදී සංශෝධනයක් බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ 19 වන සංශෝධනය ගෙන ඒමෙන් අපේක්ෂා කළ අරමුණු ඉටු කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ප්‍රකාශ කර ඇත්තේ 19 වන සංශෝධනයට සහය දුන් සියලූ දෙනා රටේ උද්ගතවී ඇති දේශපාලන අස්ථාවරත්වයට වගකිව යුතු බවයි.
(Neth)