Sunday, February 08, 2026
Follow Us
උසස් පෙළ විභාගය පිළිබඳ විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින යැයි සඳහන් කර සමාජ මාධ්‍ය ජාලා තුළ මේ දිනවල හුවමාරු වන කාල සටහනේ කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.

විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙස පාසල් ප‍්‍රජාව ප‍්‍රමුඛ සියලූ‍ දෙනාගෙන් ඉල්ලා සිටින බවයි විභාග කොමසාරිස්වරයා අවධාරණය කරන්නේ.

රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ රටේ සමස්ත අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ ඉතා දූරදර්ශී ලෙසයි. ඇතැම් පාර්ශව විසින් සමාජය නොමඟ යවනසුළු මෙබඳු පුවත් පළ කිරීම ඉතා කනගාටුදායක බව ද විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙනවා.

එම සාවද්‍ය ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

(Neth)