Friday, July 04, 2025
Follow Us
මැතිවරණ කොමිසම සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් හෙට

මැතිවරණ කොමිසමේ නිළධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් හෙට (25) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී මහ මැතිවරණ පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් දැනට ලැබී ඇති යෝජනා සහ අදහස් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

මහ මැතිවරණය පැවැත්වීමට අදාල මූලික නිර්දේශ කිහිපයක් මේ වනවිටත් සෞඛ්‍ය බලධාරීන් විසින් මැතිවරණ කොමිසම වෙත ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට නියමිත වේ.

මහ මැතිවරණය පැවැත්වීමට සඳහා තවත් සති 09 කට වැඩි කාලයක් ගතවනු ඇති බව මැතිවරණ කොමිසම පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබිණි. ඒ මහ මැතිවරණයට අදාලව ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදීය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව තවදුරටත් ආසාදිතයන් හමුවෙමින් තිබෙන බවයි. ඒ අනුව තවදුරටත් අවදානම පහව ගොස් නොමැති බව ඔහු පෙන්වා දෙනවා.

(LNW)