Monday, March 30, 2026
Follow Us
ළඟදි විවාහ උත්සව සැලසුම් කරන අයට උපදෙස්

නුදුරු දිනවලදී විවාහ මංගල්‍ය උත්සව පැවැත්වීමට සැලසුම් කරන්නේ නම්, එම උත්සව උපරිම වශයෙන් ආරාධිතයින් 100 දෙනෙකුට සීමා කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

විවාහ මංගල්‍ය උත්සව මෙන්ම අනෙකුත් සියලූම උත්සව සංවිධාන කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

විවාහ මංගල්‍ය උත්සව පැවැත්වෙන ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බව ද මෙහිදී පැහැදිලි කෙරුණා.

(Neth)