සෞඛ්‍ය උපදේශවලට අනුගත වෙමින් හෙට (26දා) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර අනෙක් පළාත්වල අන්තර් පළාත් බස් සේවාව ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර පවසයි.
අදි අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල සෞඛ්‍ය ආරක්ෂාව තවදුරටත් පවත්වාගනු පිණිස එම දිස්ත්‍රික්ක දෙකට පිටින් බස් පැමිණීමටත් පිට පළාත්වලට බස් ධාවනය කිරීමටත් මෙතෙක් අවසර දී නොමැත. කෙසේ නමුත් බස්නාහිර පළාතේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.
මර්ග පහක් ඔස්සේ කොළඹ දෙසට පැමිණිය ද එම බස් රථ කොළඹ දක්වා ධාවනය නොකරයි. නුවර පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය කෙරෙනුයේ නිට්ටඹුව දක්වා පමණි. කොළඹ 05 පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් ධාවනය කෙරෙන අතර ගාලු පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ පානදුර තෙක් පමණි. අවිස්සාවේල්ල හරහා කොළඹට හයිලෙවල් හා ලෝ ලෙවල් පාරේ ගමන් කරන අන්තර් පළාත් බස් රථ අවිස්සාවේල්ලෙන් නතර කළ යුතුය. අනුරාධපුර – පුත්තලම හා කුලියාපිටිය සිට මිගමුව පාරෙන් කොළඹට එන අන්තර් පළාත් බස් රථ මීගමුවෙන් නතර කළ යුතුය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ කොට්ටාව දක්වා පමණි. බස් රථ ධාවනය පෙරවරු 4.30ට ආරම්භ කෙරෙන අතර අවසන් වේලාව පස්වරු 6.00වේ.
මෙම බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණි. එම බස් රථවල ගමනාන්තය ලෙස පැහැදිලිවම ඉදිරි පස වීදුරුවේ බස් රථය නවත්වන අවසාන ස්ථානය සඳහන් කළ යුතුය. එමෙන්ම සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් අනුව මුව ආවරණ සෑම මගියෙක් විසින් පැලඳිය යුතු අතර බස් රථ තුළ මහජන සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් පවත්වා ගත යුතුය.
ආසන සංඛ්‍යාවට සීමා වන ලෙස ජනතාව ප්‍රවාහනයට මෙහි දී අවසර ලැබී ඇති අතර එය ඒ ආකාරයෙන් සිදුවේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා පොලිසිය හා ගමනා ගමන කොමිසම කටයුතු යොදා තිබේ. එමෙන්ම බස් රථවල දැනට පවතින බලපත්‍ර වලංගු කාල සීමාව ජුනි 30 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ.
ඇඳිරිනීතිය සමයේ ලංගමට අයත් බස් රථ 3500ක් ධාවනයේ යෙදවූ බවත් දිවයින පුරා ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමඟ එය 5000ක් දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක පැවැසිය.
(Aruna)