නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු අති උතුම් පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට රජය ගන්නා උත්සාහය අගය කළ අගරදගුරු හිමිපාණන් ආර්ථික ස්ථායීකරණයට මෙන්ම ජාතික සමගිය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට වතිකානුවේ සහාය හිමි වන බවද ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකාව සහ වතිකානුව අතර අඩ සියවසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙරටට බොහෝ ප්‍රතිලාභ අත්කර දී ඇති බවත්, එය අධ්‍යාත්මික වශයෙන් පමණක් නොව, රට තුළ මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීමෙහිදීද ඉතා වැදගත් වූ බවත් මෙහිදී මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර සිය ඒ වෙනුවෙන් කෘතඥතාව පළ කර තිබේ.