Friday, July 04, 2025
Follow Us
කොරෝනා පාලනය වී ඇත්නම් මැතිවරණයට සූදානම්

පාලනය වූ කොරෝනා තත්ත්වයක් යටතේ මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වෙයි. එහෙත් ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වල තීන්දුව ලැබීමෙන් පසු බවද කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ‘‘අරුණට’’ පැවැසීය.

සෞඛ්‍ය නිර්දේශ යටතේ පවතින සමාජ දුරස්ථභාවය, අත් පිරිසුදු කිරීම, මුඛ ආවරණ භාවිතා කිරීම යන කරුණු මත මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ. මේ වන විට එවැනි සාකච්ඡා පහක් පමණ පවත්වා ඇති අතර අවසන් සාකච්ඡාව මෙම සතියේ දී පවත්වන බවද ඔහු පවසයි.

එම සාකච්ඡාවල තීන්දු මත මැතිවරණය පැවැත්වීම සඳහා මාර්ග සිතියමක් සකස් කර කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව සභාපතිවරයා කියා සිටියේය.

(Aruna)