Monday, April 28, 2025
Follow Us
ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දීය බුද්ධි අංශ සමග සම්බන්ධ වී ඇති බව යුද හමුදාපති කියයි

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉන්දිය බුද්ධි අංශ සමග සම්බන්ධවී කටයුතු කරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ 49වන පාඨමාලාමය විසිරයාමේ උත්සවයෙන් අනතුරුව අයි. එස්. ත‍්‍රස්තවාදී කි‍්‍රයා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණවලට ප‍්‍රතිචාර දක්වමින් යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළා.

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පාඨමාලාවල විශේෂත්වය පිළිබඳව ද යුද හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වුවා.

එහිදී සඳහන් කෙරුණේ මේ කාලය තුළදී ශ්‍රී ලංකා යුද හමුදාවට අති විශිෂ්ට නිර්භීත නිලධාරීන් සහ සෙබලුන් මෙම පුහුණු පාසලෙන් බිහිකර ඇති බවයි. යුද සමයේදී ඔවුන්ගේ ඉදිරිපත්වීම, කැපවීම සහ ඔවුන්ගේ නායකත්වය තුළින් ජයග්‍රහණ රැසක් අත්වූ බවද සඳහන් කළා.

(Neth)