දුම්රිය එන්ජින් රියදුරන් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මකයි. මෙම වර්ජනය අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් කරන බව දුම්රිය වෘත්තීය සමිති සදහන් කළා.
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ මෙම වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියාසිටියේ ඔවුන්ගේ ගැටළු විසදීම සදහා සති දෙකක් හෝ තුනක් ගතවන බවයි.
දුම්රිය වෘත්තීය සමිති මෙම වර්ජනය අඛණ්ඩව කි‍්‍රයාත්මක කළහොත් හදිසි නීතිය යටතේ දුම්රිය සේවාව අත්‍යවශ්‍ය කටයුත්තක් බවට පත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේ.
දුම්රිය වර්ජනය හේතුවෙන් අද දිනයේද අතිරේක ලංගම බස් රථ ධාවනය කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන, පී එච් ආර් ටී චන්ද්‍රසිරි.
(Neth)