Tuesday, February 10, 2026
Follow Us
අද දහවල් හඳුනාගත් ආසාදිතයින් 11දෙනා බේරුවල පදිංචිකරුවන්

අද දිනයේ මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් 11දෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ‌සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මොවුන් සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක වෙත යොමු කර සිටි පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

මොවුන්ගේ ඥාතියෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනාගැනීමෙන් අනතුරුව මොවුන් ද නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටි පිරිසක් බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 56 දක්වා ඉහළ යනු ඇත.

කොළඹ දිස්ත්‍රික්කයට පසුව වැඩිම ආසාදිතයින් පිරිසක් මෙරටින් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

මෙම කොරෝනා ආසාදිතයින් 11දෙනා සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)