Wednesday, July 09, 2025
Follow Us
රාගම රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසකුත් නිරෝධායනයට!

රාගම රෝහලේ මණ්ඩලයේ පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ. ජා ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.

ඒ අනුව නිරෝධයනට යොමු කර තිබෙන්නේ රෝහලේ පවිත්‍රතා අංශයේ සේවය කළ පිරිසකි.

කෙසේවෙතත් මේ වන විට සමාජය තුළ මෙම වෛරසයේ ව්‍යාප්තියක් දක්නට නොලැබෙන අතර වාර්තා වන ආසාදිතයින් පෙර හමු වූ තැනැත්තන්ගේ සම්බන්ධතා වන අතර මෙම සතියද මේ අයුරින් පැවතිය හොත් මෙම මස අවසන් වන විට ඇඳිරි නීතිය ඉවත් කිරීමට හැකි වනු ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වෛරසය ආසාදනය වුවන් 199 දෙනෙකු හඳුනා ගෙන තිබෙන අතර 55 දෙනෙකු සුවය ලබා තිබේ.

මේ අතරට කොරෝනා මරණ 7ක්ද වාර්තා වී ඇත.

(LNW)