Saturday, September 20, 2025
Follow Us
කොටිකාවත්තේ කනත්තට හදිසියේම දැඩි ආරක්ෂාවක් – මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය රෝගියාගේ අවසන් කටයුතු අද(29) සිදු කෙරිණ. ඒ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදීය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන්ගේ මැදිහත්වීමෙන් අවසන් කටයුතු සිදු කෙරිණ. මුද්‍රා තබා තිබූ දේහයේ මුහුණ පමණක් සුළු වේලාවක් බැලීමට පවුලේ ඥාතීන්ට අවසර ලබා දී තිබුණි.

ඊයේ රාත්‍රී මෙලෙස මියගොස් ඇත්තේ, කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකි. ඔහු වෛරසය ආසාදිත සිව්වැන්න ලෙස සොයාගත් සංචාරක මග පෙන්වන්නයි. එම රෝගියා අවුරුදු 60ක් වයසැති පිරිමි පුද්ගලයෙකු වන අතර, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

(Lanka Leads)