Sunday, May 05, 2024
Follow Us
සයින්දමරුදු නගර සභාව පිහිටුවීමේ සතුට සමරන්න මුස්ලිම් ජනයා කිරිබත් කති

කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව වීදි බැස රතින්ඥා දල්වමින් සතුට පළ කර තිබේ.

ජනතාව රථ පෙලපාලි යමින් ප‍්‍රිතිඝෝෂා කර ඇත.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් මෙම ප්‍රදේශය නව නගර සභාව ලෙස පත් කර ඇත.

මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ දි සයින්දමරුදු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් එවකට විපක්ෂ නායකවරයා වූ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ප්‍රෙද්ශයට මහ නගර සභාවක් ලබාදෙන බව පොරොන්දු විය.

ඒ අනුව මහ නගර සභා ආඥා පනතේ 284 වන වගන්තිය යටතේ ඇති බලතල අනුව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මගින් ගැසට් නිවේදනයක් මගින් සයින්දමරුදු නගර සභාව ප්‍රකාශයට පත් කර තිබුණි.

(Lanka Leads)