Thursday, January 15, 2026
Follow Us
අර්ජුන් මහේන්ද්‍රන් නුදුරේදීම ලංකාවට ගෙන එනවා : රජයේ ඇමතිවරයෙක් කියයි

ජනතාවගේ මුදල් වංචා කළ ඕනෑම අයෙකුට එරෙහිව තමන් දිගින් දිගටම පෙනී සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ වෝහාරික විගණනයේ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි මාස කිහිපය ඇතුළත අනිවාර්යයෙන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට රජය කටයුතු කරන බව ද හම්බන්තොටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.

(Neth)