Monday, May 12, 2025
Follow Us
ශානි අබේසේකර රජයේ රහස්‌ පනත කඩයි

රහස්‌ පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර රජයේ රහස්‌ පනත උල්ලංඝනය කර ඇති බව රජය සොයාගෙන ඇත.

ඔහු රජයට හොරෙන් නීති විරෝධීව දේශපාලන කටයුතුවල නිරත වී සිටිය හිටපු ඇමැතිවරු දෙදෙනකු සමග සෘජුව සබඳකම් පවත්වනු ලැබුවා යෑයි රජයේ ආරංචිමාර්ග පවසයි.

හෙතෙම ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ හමුදා නිලධාරීන්ට එරෙහි නඩු විමර්ශනය කිරීම වෙනත් නිලධාරීන්ට නොපවරා තමාම පරීක්‍ෂා කළා. මෙය රහස්‌ පොලිස්‌ ඉතිහාසයේ සිදුනොවූ ක්‍රියාවලියක්‌ යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග පැවසීය.

රහස්‌ පොලිසිය විභාග කළ යුතු නඩු දස දහසකට අධික ප්‍රමාණයක්‌ තිබූ අතර එම නඩු ගැන කිසිදු පරීක්‍ෂණයක්‌ සිදුවී නැත.

මින් නඩු 4800 ක්‌ අන්සතු ඉඩම් ව්‍යාජ ලෙස අත්පත් කර ගැනීමට අදාළ නඩුවේ.

(Lanka Leads)