දිවයින පුරා සක්රීය ක්රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් ග්රාමීය පාසල් ක්රීඩක ක්රීඩිකාවන්ට ජාතික හා ජාත්යන්තර ක්රීඩා ජයග්රහණ කරා යෑමට දොරගුළු විවර කරමින් ක්රියාත්මක වන පාසල් ක්රීඩාංගන සංවර්ධන ව්යාපෘතිය යටතේ, රිදීමාලියද්ද විද්යාලයේ අංගසම්පූර්ණ නව ක්රීඩාපිටි ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම (10) ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම විශේෂ සංවර්ධන වැඩසටහන යටතේ රිදීමාලියද්ද විද්යාලයේ අංගසම්පූර්ණ නව ක්රීඩාපිටිය සඳහා වන සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 79764325.00 කි (රු. ලක්ෂ 797.64) කි. මෙම දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්යාපෘතිය මගින්, බදුල්ල දිස්ත්රික්කයේ දරුවන්ගේ ක්රීඩා කුසලතා වර්ධනය කිරීමටත්, මහියංගන කලාපීය ක්රීඩා පහසුකම් උසස් මට්ටමකට ඔසවා තැබීමටත් අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට ක්රීඩා නියෝජ්ය අමාත්ය සුගත් තිලකරත්න මහතා, තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිදු සමන් හෙන්නායක මහතා,පාර්ලිමේන්තු මන්ත්රී සුදත් බලගල්ල මහතා, රිදීමාලියද්ද ප්රාදේශීය සභා සභාපති ඇතුළු දේශපාලන නියෝජිතයන් හා බදුල්ල දිස්ත්රික් ලේකම් සුනිල් ගලගම මහතා ප්රමුඛ නිලධාරින්, පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, විදුහල්පති ප්රධාන ආචාර්ය මණ්ඩලය, පාසල් සිසු දරුවන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.