ඊශ්රායල් රාජ්යයේ අවන්හල් ක්ෂේත්රයේ (Restaurant) හා ප්රතිසංස්කරණ ක්ෂේත්රයට (Renovation) අදාළ රැකියා සඳහා ශ්රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් ද්වාරය අද (10) දින විවර වීමට නියමිතය.
www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ මෙම රැකියා සදහා අයදුම්කිරීමට අවස්ථාව හිමිවේ.
අවන්හල් ක්ෂේත්රය සඳහා අද දින ප.ව 12.00 ට අයදුම්කරුවන් 4000ක් ලියාපදිංචි කිරීම සඳහා වෙබ් ද්වාරය විවෘත කරන අතර වයස අවුරුදු 25-40 ත් අතර පිරිමි පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
ආපනශාලා ක්ෂේත්රයට අදාළව අවම වශයෙන් ආපනශාලා මුලුතැන්ගෙහි වසරක පමණ සේවා පළපුරුද්දක් තිබිය යුතු අතර, මීට ඉහත ඊශ්රායලයේ සේවය කර නොමැති මෙන්ම දෙමාපියන්, බිරිඳ හා දරුවන් ඊශ්රායලයේ සේවය නොකරන පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
එසේම අයදුම්කරුවන් වසර 8ක පාසල් අධ්යාපනය සපුරා තිබීම අනිවාර්ය වන අතර, ඉංග්රිසි භාෂාවෙන් අදහස් හුවමාරු කරගත හැකි ලෙස මනා ඉංග්රිසි දැනුමක් තිබිය යුතුය.