Friday, August 07, 2026
Follow Us
 සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ ඇසල මහ පෙරහරට රථවාහන සැලැස්මක්
මීටියාගොඩ පොලිස් වසමේ සීනිගම ශ්රී දෙවොල් මහා දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසල මහ පෙරහර 2026.08.08 දින සිට 2026.08.11 දින දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව පහත දිනවලදී පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

 

2026.08.08 දින දහවල් 01.00ට සීනිගම ශ්රී දෙවොල් දේවාලයෙන් ගමන් ආරම්භ කර ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයට පිවිස ගාලු පාර ඔස්සේ තෙල්වත්ත පන්සල අසලට ගොස් නැවත එම මාර්ගය ඔස්සේම දේවාලයට පැමිණීමට නියමිතයි.
2026.08.09 දින දහවල් 01.00ට සීනිගම ශ්රී දෙවොල් දේවාලයෙන් ගමන් ආරම්භ කර ගාල්ල කොළඹ ප්රධාන මාර්ගය ඔස්සේ පැමිණ හික්කඩුව නගරයේ බස් නැවතුම්පොල දක්වා ගමන් කර නැවත එම මාර්ගය ඔස්සේම දේවාලයට පැමිණීමට නියමිතයි.
2026.08.10 දින සවස 07.30 සීනිගම ශ්රී දෙවොල් දේවාලයෙන් ගමන් ආරම්භ කර ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයට පිවිස ගාලු පාර ඔස්සේ පැරෑලිය හන්දිය (ගාල්ලගේ ෆුඩ් සිටිය අසලට) ගොස් නැවත එම මාර්ගය ඔස්සේම දේවාලයට පැමිණීමට නියමිතයි.
2026.08.11 දින සවස 07.30ට සීනිගම ශ්රී දෙවොල් දේවාලයෙන් ගමන් ආරම්භ කර ගාල්ල කොළඹ ප්රධාන මාර්ගය ඔස්සේ තොටගමුව හන්දිය දක්වා ගමන් කර නැවත එම මාර්ගය ඔස්සේම දේවාලයට පැමිණීමට නියමිතයි.
විකල්ප මාර්ග
පෙරහර වීථී සංචාරය කරනු ලබන කාල සීමාව තුළ ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ගාල්ල සිට කොළඹ දක්වා ගමන් කරන රථවාහන:
* ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන රථ වාහන හික්කඩුව නගරයෙන් ගෝනපීනුවල සරණ හන්දිය, අළුත්වල හන්දිය, මීටියාගොඩ හන්දියෙන් වමට ඇති අම්බලන්ගොඩ බටපොල මාර්ගයේ කහව හන්දිය වෙත පැමිණ ගාලු පාරට පිවිසිය හැකිය.
කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන රථවාහන:
* කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් කරන රථවාහන කහව හන්දියෙන් වමට හරවා මීටියාගොඩ හන්දියෙන් දකුණට හැරී කිරලගහවෙල, අළුත්වල, සරණ හන්දිය දක්වා ගමන් කර දකුණට ඇති ගෝනපීනුවල හරහා කුමාරකන්ද හන්දියෙන් ගාලු පාරට පිවිසීමට හෝ ගෝනපීනුවල හික්කඩුව මාර්ගයෙන් හික්කඩුව නගරයට ගොස් ගාලු පාරට පිවිසීමටද හැකිය.
 
මාර්ගය වසා තබන වේලාවන්
2026.08.08 දින දහවල් 12.45 සිට රාත්රී 10.00 දක්වා
2026.08.09 දින දහවල් 12.45 සිට රාත්රී 10.00 දක්වා
2026.08.10 දින සවස 06.45 සිට අළුයම 02.00 දක්වා
2026.08.11 දින සවස 06.45 සිට අළුයම 02.00 දක්වා