Tuesday, July 28, 2026
Follow Us
දුන්හිඳ දියඇල්ලට නව නැරඹුම් මධ්‍යස්ථානයක්
දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක්වූ බදුල්ල, සොරණාතොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දුන්හිඳ දියඇල්ල පරිශ්රයේ නව නැරඹුම් මධ්යස්ථානයක් ඉදිකිරීමේ ව්යාපෘතිය ඊයේ  ( 27) නිල වශයෙන් ආරම්භ විය.
වසර 50 කට වඩා පැරණි, දැනට අබලන් තත්ත්වයේ පවතින නැරඹුම් වේදිකාව වෙනුවට ඉදිකෙරෙන මෙම නව මධ්යස්ථානය සඳහා රුපියල් ලක්ෂ 200 ක ප්රතිපාදන ඌව පළාත් සංචාරක අමාත්යාංශය මගින් වෙන් කර ඇත. මෙමගින් දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් උදෙසා උසස් ප්රමිතියෙන් යුතු නැරඹුම් අත්දැකීමක් සහ අවශ්ය යටිතල පහසුකම් සැලසීමට නියමිතය.
ඌව පළාතේ සංචාරක කර්මාන්තය නැංවීම සහ නැරඹුම්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් ක්රියාත්මක වන මෙම අවස්ථාව සඳහා සොරණාතොට ප්රාදේශීය සභාවේ සභාපති ජයලත් එදිරිමාන්න මහතා ඇතුළු දේශපාලන අධිකාරිය සහ රාජ්ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.