Tuesday, July 28, 2026
Follow Us
දෙවිනුවර ඇසළ පෙරහැර ම‍ංගල්‍යයේ කාවාඩි ගැටලුව අවසන්
 - පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ අධීක්ෂණය යටතේ සියලු කාවාඩි කණ්ඩායම් වලට නර්තනයේ යෙදීමට අවස්ථාව
 
රාජ්ය අනුග්රහය සහිතව පැවැත්වෙන දෙවිනුවර ඓතිහාසික ශ්රී උත්පල වර්ණ විෂ්ණු මහා දේවාලයේ 769 වන ඇසළ මහා පෙරහැර මංගල්යයේ අද (28)  පැවැත්වෙන හයවන පේළි පෙරහැරට එක්වන සියලු කාවාඩි කණ්ඩායම් වලට කාවාඩි නැටීමේ අවස්ථාව ලබා දීමට තීරණය කළ බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පවසයි.
බස්නායක නිලමේවරයා යටතේ පවත්වන පෙරහැරේ කාවාඩි කණ්ඩායම් පරිපාලනය සම්පූර්ණයෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයවීම යටතේ සිදු කිරීමට සියලු කටයුතු යෙදූ බවත්, පෙරහැර පැවැත්වීම තුළින් කිසිවෙකුටත් අගතියක් නොවන ලෙසත්, පෙරහැරේ අභිමානය හා ගරු ගාම්භීරත්වය ආරක්ෂාවන ලෙසත්, පෙරහරේ කටයුතු මෙහෙයවීමට අවශ්ය සියලු කටයුතු යොදන බව අමාත්යවරයා මෙහි දී තවදුරටත් පැවසී ය.
අතීතයේ සිට පැවත එන පෙරහැරක විශේෂ අංගයක් තර්ජනාත්මක තත්වයක් හේතුවෙන් ඉවත් කිරීමෙන් එහි අනන්යතාවයට හානියක් සිදු කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බව පැවසු අමාත්යවරයා විශාල භක්තියක් සහිතව ජනතාව සහභාගී වන දෙවිනුවර වැනි පූජා භූමියක ජනතා ආරක්ෂාව වෙනුවෙන් සියලු ක්රියා මාර්ග ගෙන ඇති බව හා පොලිසියේ සහ ආරක්ෂක අංශවල ධාරිතාවය වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ද, දෙවිනුවර බස්නායක නිලමේවරයා පොලිස්පතිවරයාගෙන් සිදුකර ඇති ඉල්ලීම, ලැබී තිබෙන බුද්ධි වාර්තා හා විවිධ පුද්ගලයින් හා කණ්ඩායම් වලින් සිදු කරන ලද ඉල්ලීම් ආදී සියල්ල සලකා බලා දීර්ඝ වශයෙන් සිදු කරන ලද සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹි බව ද, දෙවිනුවර පෙරහැර සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී ලද බුද්ධි වාර්තා මත, යම් ගැටුම්කාරී තත්ත්වයක් හෝ මහජන කැලඹීමක් ඇතිවීමට තිබෙන තොරතුරු සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා විසින් යම් ක්රියාමාර්ගයක් ගෙන තිබුණ ද ඒ පිළිබඳව ද අවධාණයට ලක් කරමින් මෙම තීන්දුවලට එළඹි බව ද අමාත්ය ආනන්ද විජයපාල මහතා තවදුරටත් පැවසුවේය.
දෙවිනුවර උපුල්වන් ශ්රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්යයේ හයවන පේලි පෙරහැර හෙවත් කාවාඩි පෙරහැර සඳහා කාවාඩි එක් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීම සඳහා, මහජන ආරක්ෂක ආමාත්ය ආනන්ද විජේපාල මහතා, මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අජන්ත ගම්මැද්දගේ මහතා, ආරක්ෂක ලේකම් රවී සෙනවිරත්න මහතා, මාතර දිස්ත්රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා, දකුණු පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතා, මාතර අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, දෙවිනුවර ප්රාදේශීය ලේකම් ශානිකා පෙරේරා මහත්මිය, දෙවිනුවර ඇසළ පෙරහැර කමිටුවේ සභාපති තුමන්, දෙවිනුවර කාවාඩි සංසදයේ නියෝජිතයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (27) සවස මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවෙන් පසු අදාළ තීරණ මාධ්යයට ඉදිරිපත් කරමින් අමාත්යවරයා මේ අදහස් පළකරන ලදි.
මෙහි දී අදහස් දැක්වූ පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ මහජනතාවට ඇතිවිය හැකි ඕනෑම ගැටලුකාරී තත්ත්වයක් දැනුම් දීම සඳහා පොලිසියේ සියලු සන්නිවේදන අංශ විවෘතව පවතින බවයි.