දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිසර පද්ධති සහ ඇතුළත් කරගත් (සහභාගීත්ව) ධීවර ආර්ථිකයන් ගොඩනැගීම සම්බන්ධයෙන් වූ වැඩසටහන Resilient Waves program එළිදැක්වීමේ වැඩසටහනට ගරු පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා ඊයේ (15) සහභාගි විය.
බ්රිතාන්ය මහකොමසාරිස ඇන්ඩෲ පැට්රික් මහතාගේ (Andrew Patrick) සහභාගිත්වයෙන් බ්රිතාන්ය මහකොමසාරිස් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවැත්විණි.
'Resilient Waves program ' වැඩසටහනේ අරමුණ වන්නේ ශ්රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වඩාත්ම දිළිඳු කලාපවල වෙසෙන අඩු ආදායම්ලාභී ධීවර ප්රජාවන් සවිබල ගැන්වීම වන අතර මඩකලපුව සහ මුලතිවු දිස්ත්රික්කවල වෙරළබඩ ධීවර ප්රජාවන් මුහුණ දෙන දරිද්රතාවය, දේශගුණික විපර්යාස සහ සමාජීය වශයෙන් කොන්වීම (exclusion) යන අන්යෝන්ය වශයෙන් බැඳී පවතින අභියෝග ජය ගැනීමට සහාය වීම ද මෙම වැඩසටහන ක්රියාත්මක කිරිමේ අරමුණයි.
ප්රජාව විසින් මෙහෙයවනු ලබන, ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් (nature-based solutions) සහ ජීවනෝපාය විවිධාංගීකරණය තුළින් දේශගුණයට ඔරොත්තු දෙන පරිසර පද්ධති සහ ඇතුළත් කරගත් දේශීය ආර්ථිකයන් ගොඩනැගීම සඳහා අඩු ආදායම්ලාභී ධීවර ප්රජාවන් සවිබල ගැන්වීමද අවධානය යොමුව ඇත.
එමඟින් පරිසර පද්ධති ප්රතිස්ථාපනය කිරීම, ජීවනෝපාය විවිධාංගීකරණය සහ සහභාගීත්ව පාලනය තුළින් දේශගුණික විපර්යාසයන්ට වඩා හොඳින් මුහුණ දීමට ඔවුන්ව හැඩගැස්වීම ද අපේක්ෂා කෙරේ.
“OCEAN” වැඩසටහන තුලින්, එක්සත් රාජධානියේ පරිසර, ආහාර සහ ග්රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව (Defra) විසින් ව්යාපෘතිය සදහා ප්රතිපාදන ලබාදෙන අතර ACTED, Humanity and Inclusion (HI), Biodiversity Sri Lanka (BSL), Green Movement Sri Lanka (GMSL), Blue Resources Trust (BRT). යන ආයතන විසින් ව්යාපෘතිය ක්රියාත්මක කරනු ලබයි.
මාස 39 ක ව්යාපෘතිය මඟින් වාසස්ථාන තක්සේරු කිරීම්, ප්රතිස්ථාපන මුලපිරීම් සහ දේශගුණයට ගැළපෙන බුද්ධිමත් ධීවර ක්රමවේදයන් (climate-smart fishing) හරහා සාගර පරිසර පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට උත්සාහ කරයි.
මූල්ය සාක්ෂරතා පුහුණුව (financial literacy training) සහ මුහුදු කූඩැල්ලන් හා බෙල්ලන් (oyster) වගාව වැනි තිරසාර ආදායම් උත්පාදන මාර්ග උත්පාදනය කරමින්, කාන්තාවන්ගේ ආර්ථික සහභාගිත්වය ඉලක්ක කර ගැනීමටත්, ඒ සඳහා සහාය වීමටත් වැඩසටහන තුලින් බලාපොරෝත්තුවේ.
දේශීය හිමිකාරිත්වය ප්රවර්ධනය කිරීම, ප්රජා ධාරිතාවන් ශක්තිමත් කිරීම, රාජ්ය පාර්ශවකරුවන් සමඟ කටයුතු කිරීම සහ ප්රජාව මූලික කරගත් සාගර සම්පත් කළමනාකරණයට සහාය වීම සඳහා පෞද්ගලික අංශයේ මූල්ය පහසුකම් සම්බන්ධ කිරීම මඟින් මෙහි දිගුකාලීන තිරසාරභාවය ව්යාපෘතිය විසින් සහතික කරනු ලබයි.
ජලඡ ජීවී වගා මෙවලම් සහ ක්රමවේද පිළිබඳ දැනුම ව්යාප්ත කිරීම ශක්තිමත් කිරීම සඳහා හවුල්කරුවන් NAQDA සමඟ කටයුතු කරනු ඇති අතර ජාතික ප්රතිපත්ති සමඟ ඒකාබද්ධ වීම සහතික කරමින් වෙරළබඩ ජීවනෝපාය කළමනාකරණය සඳහා වන රාජ්ය සැලසුම්වලට වැඩසටහන අනුකූල වේ.
දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, ස්ත්රී පුරුෂ සමානාත්මතාවය සහ දරිද්රතාවය පිටුදැකීම ඒකාබද්ධ කිරීමෙන්, 'Resilient Waves' ව්යාපෘතිය වඩාත් ඔරොත්තු දෙන සහ සාධාරණ වෙරළබඩ ප්රජාවන් බිහිකරන, ප්රජාව විසින් මෙහෙයවනු ලබන දිගුකාලීන විසඳුම් නිර්මාණය වනු ඇති බවට මෙහිදී පුරෝකථනය කර ඇත.