Tuesday, July 14, 2026
Follow Us
අනාගත නායකයින් නිර්මාණය කිරීම වෙනුවෙන් Youth Camp 2026
ජාතික යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරන "Leadership Training Camp and Workshop - 2026" හි මධ්යම පළාත් වැඩසටහනේ සහතික පත්ර ප්රදානෝත්සවය සහ සමාප්තිය ඊයේ (12දා) තරැණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්රධානත්වයෙන් ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්යස්ථානයේ දී සිදු කෙරුණි. තෙදින නේවාසික කඳවුරක් ලෙස මෙම වැඩසටහන ක්රියාත්මක වේ.

 

තරුණ ප්රජාවගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීම, විචාරශීලි චින්තනය හා ගැටළු විසඳීමේ හැකියාවන් වැඩි දියුණු කිරීම සහ සමාජ වගකීමෙන් යුත් ඵලදායී නායකයින් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණයි.
 
එම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ බී. ඒ. ගාමිණී වික්රමපාල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.
 
මෙම වැඩසටහනේ දෙවන වැඩසටහන ලෙස බස්නාහිර පළාත් කඳවුර ජූලි 24,25 සහ 26 ජාතික තරුණ සේවා සභාවේ හෙයියන්තුඩුව පුහුණු මධ්යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.