Tuesday, July 14, 2026
Follow Us
ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ යයි

මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

ඒ අනුව මේ දක්වා රට පුරා මේ වසරේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 65,034ක් වන බවත් ජූලි මාසයේ පළමු දින 08 තුළ පමණක් රෝගීන් 9654ක් වාර්තාවී ඇති බවත් වාර්තා වෙයි. 

මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,332ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,150ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,600ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,354ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.