Saturday, July 04, 2026
Follow Us
ව්‍යාපාර සඳහා AI භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහනක්
කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ මෙහෙයවීමෙන් දිස්ත්රික් කුඩා ව්යාපාර සංවර්ධන අංශයේ සංවිධායකත්වයෙන් කෘතිම බුද්ධිය ( AI ) ප්රායෝගිකව භාවිතා කිරීමේ පුහුණු වැඩසටහනක් කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (02) මොණරාගලදී පැවැත්විණි.
AI මෙවලම්,ව්යාපාරයේ දියුණුවට නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද? යන්න පිළිබඳව ප්රායෝගික අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන් සංවිධානය කර තිබිණි.
● ව්යාපාරයේ ප්රචාරණ කටයුතු
● ව්යාපාර කටයුතුවලදී සිදු කරනු ලබන අලෙවිකරණය
● ව්යාපාරයේ පිරිවැය අඩුකර ලාභය වැඩිකර ගන්නා උපායමාර්ගික ක්රමවේද යනාදී කරුණු පිළිබඳව දැනුවත් කර තිබේ.
 
සුනිල් හඳුන්නෙත්ති අමාත්යවරයා මෙහීදී පවසා සිටියේ,ග්රාමීයව වැවෙන වස විසෙන් තොර එළවළු හා පලතුරු ස්වභාවික ලෙසින් සැකසූ ඇසුරුමකින් යුතුව කොළඹ වැනි ප්රදේශවලට යැවීමේ ක්රමයක් ඇති කර ගැනීමට ව්යවසායකයින් උනන්දුවක් දක්වන්නේ නම් විශාල වෙළෙඳපොළක් ඒ සඳහා පැවතිය හැකි බවයි.
 
තම ව්යාපාරය සඳහා "යහපත් ව්යාපාර නාමයක්" සාදා ගැනීම ඉතාමත් වටිනා බවත්,ඒ සඳහා ව්යවසායකයින් නිරතුරුවම උත්සාහ ගත යුතු බවත්ව,කිසිම ව්යවසායකයෙක් ක්ෂේත්රයෙන් ඉවත් නොවිය යුතු බවත් පැවසූ අමාත්යතුමා,ව්යවසායකයින්ගේ පවතින ගැටලු පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.
 
මෙම අවස්ථාව සඳහා දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, වෙළඳ,වාණිජ ආහාර සුරක්ෂිතතා නියෝජ්ය අමාත්ය හා මොණරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ආර්.එම් ජයවර්ධන මහතා,පාර්ලිමේන්තු මන්ත්රී රුවන් විජේවීර මහතා, මොනරාගල ප්රාදේශීය සභා සභාපති ජනක කුරුප්පු මහතා,සහකාර දිස්ත්රික් ලේකම් ඩී.ඩබ් දහනායක මහතා,සහකාර අධ්යක්ෂ (කුඩා ව්යාපාර සංවර්ධන අංශය) බී.එල්.එච් බරනිගේ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.
 
මෙම වැඩසටහන සඳහා කුඩා ව්යාපාර සංවර්ධන අංශයේ දිස්ත්රික් හා ප්රාදේශීය සංවර්ධන නිලධාරි මහත්ම මහත්මීන් පිරිසක් හා ව්යවසායකයින් 80 දෙනෙකු සහභාගි වූහ.