දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ස්ථාවර හෙටක් වෙනුවෙන් නිල ඉඩම් හිමිකම් සහ නිවාස ඉදිකිරීම් වෙනුවෙන් චෙක්පත් ප්‍රදානය උඩුදුම්බර බටුමුල්ල විද්‍යාලයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) සිදු කෙරිණි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යටත්ව තිබූ තේක්කවත්ත කොටසෙන් අක්කර 30ක් ජනතාව වෙනුවෙන් ලබා දුන් අතර ප්‍රතිලාභීන් ප්‍රමාණය 114කි. මෙම සියලුම ප්‍රතිලාභීන්ට නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් ලක්‍ෂ 50ක මුදලක් හිමිවන අතර, මූලිකව ලක්ෂ 20 බැගින් චෙක්පත් ලබාදීම ද මෙහිදී සිදුවිය.