රුපියල් හාරකෝටි තිස්අට ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්රව්ය තොගයක් සමග ඉන්දීය ජාතික ව්යාපාරිකයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.
ඒ කටුනායක ගුවන් තොටුපොල පැමිණීමේ පර්යන්තයේදී. සැකකරු මත්ද්රව්ය තොගය සමග ග්රීන් ඔස්සේ පිටතට පැමිණීමට තැත්කළ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවයි, රේගු මත්ද්රව්ය පාලන අංශය සඳහන් කළේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක පැමිණි ගුවන් යානයෙන් මෙම සැකකරු පැමිණ තිබේ.
මත්ද්රව්ය කිලෝග්රෑම් 04 යි ග්රෑම් 389 ක් ප්රමාණයක් ඔහු සතුව තිබූ බවයි වාර්තා වන්නේ.