ග්රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය මගින් ක්රියාත්මක සියලුම සංවර්ධන වැඩසටහන් නිසි පරිදි අධීක්ෂණය කරමින් රාජ්ය මූල්ය විධිවිධාන අනුගමනය කරමින් කඩිනමින් ක්රියාත්මක කරන ලෙස ග්රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය මහාචාර්ය උපාලි පන්නිල මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
අමාත්යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ග්රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශයේ 2026 වර්ෂයේ පළමු කාර්තුවේ ප්රගති සමාලෝචන හමුවට පසුගියදා (07) සහභාගි වෙමිනි.
ඒ අනූව අමාත්යාංශය යටතේ ක්රියාත්මක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපර්තමේන්තුව, ග්රාමීය සංවර්ධන කාර්යංශය, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය, ජාතික සමාජ සංවර්ධන ආයතනය, සමාජ ආරක්ෂණ මණ්ඩලය, ග්රාම සංවර්ධන අභ්යාස හා පර්යේෂණ ආයතනය, ලෝක ආහාර වැඩසටහනේ ශ්රී ලංකා හවුල්කාරිත්ව මහලේකම් කාර්යාලය, රාජ්ය නොවන සංවිධන සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය සහ උපදේශන අංශය යන ආයතනයන් හි 2026 වසරේ ක්රියාත්මක සංවර්ධන ව්යාපෘති පිළිබඳව එහිදී අවධානය යොමු කෙරිණි.
විශේෂයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්රියාත්මක අස්වැසුම ලාභීන් සවිබලගැන්වීමේ ක්රියාවලිය වේගවත් කිරීමටත්, ග්රාමීය සංවර්ධන කාර්යංශය හා ප්රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය මගින් මගින් ක්රියාත්මක දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්යාපාරය ප්රජා ශක්ති වැඩසටහන අපේක්ෂිත ඉලක්ක කරා සාර්ථකව යොමු කිරීමටත් එහිදී උපදෙස් ලබා දුන්නේය.