Tuesday, May 12, 2026
Follow Us
ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
'වාරි මහිම අපේ උරුමය' ජාතික වැඩසටහනට සමගාමීව ඇළහැර අමුණ ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය හිනිදුම සුනිල් සෙනෙවි, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්ය අමාත්ය ටී.බී. සරත් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (10) ආරම්භ කෙරිණි.

 

දිට්වා ආපදාවෙන් විනාශ වූ ලෝක උරුම ඇළහැර අමුන මූලික අදියරේ ප්රතිසංකරණය සඳහා යොදවා ඇති ඇස්තමේන්තුගත මුදල රු.309,144,000.00 කි.
 
මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.
 
"පොළොන්නරුව දිස්ත්රික්කය ගත්තොත් 90%ක්ම තියෙන්නේ වී වගාව. එක එක විරුද්ධවාදීන් විවිධ මත පළ කරන නිසා මම පණිවිඩයක් කියන්න කැමතියි. යල කන්නයට අවශ්ය කරන පොහොර ප්රමාණය සම්පූර්ණයෙන්ම රට ඇතුට ගෙනල්ලා අවසානයි. ඇති තරම් පොහොර තියෙනවා. ගොවිජන සේවා මධ්යස්ථාන මගින් පහුගිය දවස්වල යල කන්නයට පොහොර බෙදීම ආරම්භ කළා. දැන් මේ වෙනකොට පෞද්ගලික ආයතනවලටත් පොහොර බෙදා හැරීමට අනුමැතිය ලබා දීලා තියෙනවා.
 
ආර්ථික විවිධාංගිකරණයක් ගොවියාටත් අවශ්යයයි. කිරි හරක් පස් දෙනෙක්වත් හදාගන්න පුළුවන් නම් ඒක වැදගත්. වෙනත් ආදායම් මාර්ග ගැනත් බලන්න වෙනවා, වී වගාවෙන්ම යැපෙන්නේ නැතුව. ආදායම් විවිධාංගිකරණයක් තිබිය යුතුයි.